ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන සුදු පන්දුවේ (White-ball) තරඟමාලාවක් 2026 මාර්තු 13 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ කිරීමට නිවේදනය කර තිබෙනවා.
මෙම තරඟමාලාව T20I තරඟ 3කින් ආරම්භ වන අතර, ඒවා ෂාජා නගරයේදී පැවැත්වේ. එමෙන්ම මාර්තු 20 සිට ODI තරඟ 3ක් ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි
දෙරට අතර අවසන් වරට පැවති ද්විපාර්ශවික තරඟමාලාව 2024දී ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාව ODI තරඟ 3-0 ලෙස ජයගනිමින් සම්පූර්ණ ජයක් ලබාගත් අතර, T20I තරඟමාලාවද 2-1 ලෙස ජයගත්තේය.
ACB ප්‍රධාන විධායක නිලධාරී නසීබ් ඛාන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට ආරාධනා කරමින් මෙම තරඟමාලාව සංවිධානය කිරීම පිළිබඳ සතුටු වන බවයි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතාද පවසා ඇත්තේ, මෙය ඇෆ්ගනිස්තානය විසින් සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාවේ පළමු ද්විපාර්ශවික තරඟමාලාව බවයි.
මෙම තරඟමාලාව දෙරටම සඳහා ICC Men’s T20 World Cup පසු පළමු තරඟාවලිය ලෙස සැලකේ. එම තරඟාවලියේදී ඇෆ්ගනිස්තානය කණ්ඩායම කණ්ඩායම් වටයෙන් ඉවත් වූ අතර, ශ්‍රී ලංකාව සුපර් 8 වටයේ තරඟ කරමින් සිටිනවා.
🔥 උණුසුම් තරඟ රැසක් අපේක්ෂා කළ හැකි මෙම තරඟමාලාව, දෙරට අතර ක්‍රීඩා සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් වනු ඇත.











