අද (24) දහවල්, ශ්රී පාදය (Adam’s Peak) වන්දනා කර ඇවිස්සාවේල්ල බලා ආපසු ගමන් කරමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් Norton Bridge – ලක්ෂපාන ප්රධාන මාර්ගයේ 3 වන සැතපුම් කණුව ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට ගොස් අඩි 100කට ආසන්න අගාධයකට පෙරළී ගොස් තිබෙනවා.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු ලක්ෂ පාන ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
රියදුරා ට හදිසියේ නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි. අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරයි.











