දේශීය

රත්මලාන වෙරළේ පරණ ධීවර නාවකයකින් තරුණියකගේ මළසිරුරක් හමුවෙයි

රත්මලාන වෙරළ ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ධීවර යාත්‍රාවක් තුළ තිබී තරුණියකගේ මළසිරුරක් හමුවීමත් සමඟ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ගල්කිස්ස පොලිසිය සඳහන් කළේ, ධීවර යාත්‍රාවක් තුළ කාන්තාවකගේ මළසිරුරක් තැබී ඇති බවට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බවයි.

මියගොස් ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක් වූ තරුණියකි.

පොලිසිය අනාවරණය කර ඇති පූර්ව පරීක්ෂණ අනුව, මෙම මරණය සැක සහිත බවට ප්‍රකාශ කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරගෙන යනු ලබනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු අනාවරණය වන විට ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප කටයුතු කරමු

Shares: