දේශීය

ලාෆ්ස් ගෑස් සමාගම ආනයනය කළ නව ගෑස් තොගයක් අද ශ්‍රී ලංකාවට

ලාෆ්ස් ගෑස් සමාගම ආනයනය කළ නව ගෑස් තොගයක් අද (28) දින SINAR TORAJA නෞකාව හරහා ශ්‍රී ලංකාවට ළඟා වී ඇති බව සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

එම තොගය අද සිටම කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවත්, ගෘහස්ත පාරිභෝගිකයන්ට සාමාන්‍ය පරිදි ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයන් හරහා අවශ්‍ය ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට හැකියාව පවතින බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම නව තොගය සමඟ වෙළෙඳපොළේ සැපයුම ස්ථාවර කිරීමටත්, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා බාධාවකින් තොරව සපුරාලීමටත් හැකි වනු ඇති බව අපේක්ෂා කරනවා.

පාරිභෝගිකයන්ට ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම සමාගමේ ප්‍රමුඛතාවයක් බවද සඳහන් වනවා

Shares: