රත්මලාන ප්‍රදේශයේදී ‘අයිස්’ ලෙස හැඳින්වෙන ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් ග්‍රෑම් 100ක් සමඟ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීම ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය සනාථ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලිසිය විසින් සිදු කෙරෙන බවද නිලධාරීන් වාර්තා වනවා.











