උණුසුම් පුවත්දේශීය

ඉරාන නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම් වලට ඇමරිකාව බාධා කළ බවට ඉරානයෙන් ඇමරිකාවට චෝදනා

ඉරානයට අයත් IRIS Dena නාවික නෞකාව මේ මාසයේ මුලදී ශ්‍රී ලංකාව ආසන්න මුහුදු ප්‍රදේශයේ ගිලීයාම සම්බන්ධයෙන්, ගලවා ගැනීමේ මෙහෙයුම් වලට ඇමරිකාව බාධා කළ බවට ඉරානය චෝදනා කර තිබෙනවා.

ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Esmaeil Baghaei පවසන්නේ මෙම නෞකාව Indian Navy විසින් සංවිධානය කළ ඒකාබද්ධ නාවික අභ්‍යාසයකට සහ වරාය සංචාරයකට සහභාගී වීමට ආරාධනා කර තිබූ අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු කලාපයේදී එයට ප්‍රහාරයක් එල්ල වූ බවයි.

ඔහු සමාජ මාධ්‍යය X ගිණුම හරහා කළ ප්‍රකාශයකින් මෙම ප්‍රහාරය “කුරිරු ක්‍රියාවක් සහ යුද්ධ අපරාධයක්” ලෙස විස්තර කර ඇති අතර, නාවිකයින් ගලවා ගැනීමේ මෙහෙයුම් වලට ඇමෙරිකාව විසින් හිතාමතා බාධා කළ බවද චෝදනා කරනවා.

මෙම සිද්ධියෙන් නාවිකයින් 104 දෙනෙකු මරණයට පත්වූ බව ඉරානය පවසන අතර, මේ වන විට එයින් 84 දෙනෙකුගේ මළ සිරුරු හඳුනාගෙන ඇති බව වාර්තා වුනා. ඒවා ඉරානයට යළි භාරදීම සඳහා ශ්‍රී ලංකාව රජයේ සහයෝගය ලබා දෙන බවද සඳහන් වනවා.

මෙම සිද්ධිය මැද පෙරදිග සහ ජාත්‍යන්තර දේශපාලනික උණුසුම අතර නව විවාදයක් ලෙස පැන නැඟී ඇති අතර, එය කලාපීය ආරක්ෂාව පිළිබඳ ගැටලු තවදුරටත් උද්දීපනය කර ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Shares: