උණුසුම් පුවත්දේශීය

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මැනිලා නුවරදී ADB සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවත්වයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මැනිලා නුවර නිල සංචාරයේදීආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා.

ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ශක්තිමත් සහ අඛණ්ඩ හවුල්කාරිත්වය නැවත තහවුරු කරමින්, මෑත ආර්ථික අර්බුදයෙන් පසු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට හා යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් අගය කර ඇති බව ADB ප්‍රකාශක වාර්තා කර තිබුණා.

අග්‍රාමාත්‍යවරිය ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සංවර්ධන සහයෝගීතාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ අගය ප්‍රකාශ කරමින්, සෞඛ්‍ය, අධ්‍යාපන හා සමාජ සංවර්ධන වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථා විමසා බැලීමට අවධානය යොමු කර තිබෙනවා.

Shares: