අද (15) දින පස්වරු 2.00 න් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල තැනින් තැන වැසි අපේක්ෂා කළ හැකි අතර ගාල්ල, මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වනවා.
• ඇතැම් ප්‍රදේශවලට තද වැසි
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පවතිනු ඇති බව සඳහන් වනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබෙනවා.











