දේශීය

ශ්‍රී ලංගමෙන් අවුරුදු සමයේ වාර්තා බිඳ දැමූ ආදායමක්!

ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ඉතිහාසයේ නොදුටු ආකාරයේ වාර්තාගත සේවාවක් හා ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

ලංගම සභාපති සජීව නන්දන කනකරත්න මහතා අනාවරණය කළේ, විශේෂ අවුරුදු බස් සේවාවන් කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක කරමින් කොළඹට සහ කොළඹින් පිටට ගමනාගමනය සාර්ථකව පවත්වාගෙන ගිය බවයි.

දිනෙන් දින ඉහළ ගිය ආදායම් වාර්තාව,
*අප්‍රේල් 9 – රු. මිලියන 163
*අප්‍රේල් 10 – රු. මිලියන 173
*අප්‍රේල් 11 – රු. මිලියන 213 (ඉතිහාසයේ වාර්තාගතම දිනක්!)

දින 6ක් තුළ මුළු ආදායම රු. බිලියන 1ක් ඉක්මවමින්, ශ්‍රී ලංගම ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස සටහන් වී තිබෙනවා.

සේවාව මෙවර, කොළඹ – හැටන් මාර්ගයේ විනාඩි 4-5කට වරක් බස් ධාවනය, දුම්රිය සේවා අඩාල වූ අවස්ථාවල බස් 1500ක් කොළඹට එක් කිරීම, අප්‍රේල් 11 දිනම බස් 4698ක් ධාවනයේ යෙදවීම, සේවකයින්ගේ කැපවීම, විනය සහ කාර්යක්ෂමතාවය මත මෙය සාර්ථක කර ගැනීමට හැකිවී තිබෙනවා.

“මෙය ශ්‍රී ලංගම ඉතිහාසයේ වෙනස්ම අත්දැකීමක්” යැයි සභාපතිවරයා සඳහන් කර තිබුණා.

වත්මන් තත්ත්වය

අද වන විට කොළඹින් පිටට ගමන් කරන ජනතාවගේ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා.

ආරක්ෂාව පිළිබඳ අවධානය,

බස් රථ 1500කට අමතරව තවත් බස් 50ක් සූදානම්ව ස්ථානගත කර තිබෙනවා. සමස්ත වශයෙන්, මෙවර අවුරුදු සමයේ ශ්‍රී ලංගමය දක්වා ඇති සේවාව සහ ආදායම, රාජ්‍ය ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළූ බව පැහැදිළි වනවා.

 

Shares: