උණුසුම් පුවත්දේශීය

‘‘ඒහි පස්සිකෝ’’ සාම පා ගමන හයවැනි දිනය අදින් ආරම්භ වේ.

අද (27) දින ‘‘ඒහි පස්සිකෝ’’ සාම පා ගමනේ හයවැනි අදියර යක්කල අබේසේකරාරාමය අසලින් ආරම්භ වූවා. අද දින පා ගමන කැළණිය රාජ මහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතයි.

හෙට (28) දින කැළණිය රාජ මහා විහාරයේදී පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සංවාදයක් පැවැත්වීමට නියමිත අතර, එයද මෙම සාම පා ගමනට සමගාමීව සංවිධානය කර තිබෙනවා. එමෙන්ම, එදිනම පා ගමන කැළණියෙන් ආරම්භ වී නිදහස් චතුරශ්‍රය දක්වා ඉදිරියට ගමන් කරනු ඇත.

‘‘ඒහි පස්සිකෝ’’ සාම පා ගමනේ රාජ්‍ය උත්සවය ද එදිනම නිදහස් චතුරශ්‍රයේදී, අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම සාම පා ගමන, වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලාගේ නායකත්වයෙන්, අප්‍රේල් 21 දින දඹුල්ල රාජ මහා විහාරය සිට ආරම්භ වූවා.

 

Shares: