දේශීය

ශ්‍රී ලංකාවට වියට්නාමයෙන් පොහොර පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සහයෝගයක් ලෙස වියට්නාම රජය විසින් යූරියා සහ සුපර් පොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කර තිබෙනවා.

දෙරට අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් හුවමාරුවෙන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව විසින් වියට්නාමයෙන් පොහොර මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ ඉල්ලීමටද වියට්නාම රජය ඉතා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දී ඇති බවයි.

මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට සහ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩිදියුණු කිරීමට විශාල සහනයක් වනු ඇති බවද පෙනීයයි.

ආර්ථික අර්බුදයෙන් පසු කෘෂිකර්මාන්තය නැවත ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට මෙවැනි ජාත්‍යන්තර සහයෝගීතා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, කෘෂිකර්මය, ආර්ථිකය සහ වෙළඳාම යන ක්ෂේත්‍රවල සහයෝගීතාවය ඉදිරියේදී තවත් පුළුල් වීමට මෙම සංචාරය මහත් පිටිවහලක් ව තිබෙනවා.

“ගොවියා ශක්තිමත් වන විට රට ශක්තිමත් වෙයි”

 

Shares: