එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ආරක්ෂක බලධාරීන් විසින් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයින් හත් දෙනෙකු ඊයේ (27) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා.
ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වන්නේ.
මෙම තරුණයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ,
මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වයන්ට අදාළ ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සන්තකයේ තබා ගැනීම, සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි අන්තර්ගතයන් සමඟ අදහස් හුවමාරු කිරීම සම්බන්ධ චෝදනා මත බවයි සඳහන් වන්නේ.
පිටුවහල් කරන ලද තරුණයින්ගේ වයස් සීමාව අවුරුදු 23 සිට 33 දක්වා වන අතර, ඔවුන්, අම්බලන්ගොඩ, මාරපන, බොරැල්ල, බණ්ඩාරගම, පොළොන්නරුව, වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වනවා.
දිවයිනට පැමිණි පසු, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID), රාජ්‍ය බුද්ධි සේවය (SIS), පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) විසින් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව සඳහන්.
සමාජ මාධ්‍ය භාවිතයේදී ජාත්‍යන්තර ආරක්ෂක නීති හා සීමාවන් පිළිබඳව දැඩි අවධානයක් සහ අවබෝධයකින් කටයුතු කිරීම මෙවැනි සිදුවීම් වළක්වාගැනීම සදහා අත්‍යවශ්‍ය කරුණක්.
මේ ගැන ඔබේ අදහස මොකද්ද?
💬 Comment කරන්න!
📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews
YouTube:
https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට
tiktok:
https://tiktok.com/@lankahitnews
Instagram:
https://instagram.com/lankahitnews
එවන්න:
WhatsApp: +94 72 746 4185









