උණුසුම් පුවත්දේශීය

පාසල් ළමුන් අතර පැතිරෙන “එන්ටර් වයිරස් මෙනින්ජයිටිස්” ගැන අවධානයෙන් සිටින්න!

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත, අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත විශේෂ මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

මෙම රෝගය වැඩි වශයෙන් බලපාන්නේ,
ළමුන්ට, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට වනවා.

පළමු රෝගීන් අප්‍රේල් මාසයේදී මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, මේ වනවිට නුවරඑළිය, මහනුවර, බදුල්ල දිස්ත්‍රික්කවලින්ද රෝගීන් හඳුනාගෙන තිබෙනවා.

වසංගත රෝග හා පාරිසරික පරීක්ෂණවලදී, පොකුරු ආසාදන, වරින් වර සිදුවන ආසාදන යන දෙආකාරයෙන්ම වාර්තා වී ඇති අතර, පාසල් ළමුන් අතර සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව සඳහන් වනවා.

වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා පාසල් වෙත විශේෂ උපදෙස් නිකුත් කර ඇති අතර, දෙමාපියන් සහ ගුරුවරුන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

දරුවන් නිතර අත් සෝදවන්න
උණ, හිසරදය, වමනය වැනි ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න
පාසල් පරිසරය පිරිසිදුව තබාගන්න
රෝග ලක්ෂණ ඇති දරුවන් පාසල් යැවීමෙන් වළකින්න
සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න

“අපේ දරුවන්ගේ ආරක්ෂාව අපගේ වගකීමයි”

මේ පිළිබඳ නිවැරදි දැනුවත්භාවය පවත්වා ගනිමු.
මෙම පණිවිඩය තවත් දෙමාපියන් අතරට share කරන්න!

📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews

YouTube:

https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට

tiktok:

https://tiktok.com/@lankahitnews

Instagram:

https://instagram.com/lankahitnews

එවන්න:

WhatsApp: +94 72 746 4185

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *