උණුසුම් පුවත්දේශීය

අඟුරුවාතොට වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ගින්නෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) පස්වරුවේ හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය දන්වා තිබෙනවා.

තවත් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වේ.

ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 51 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

වාර්තා වන ආකාරයට ගින්න හටගන්නා අවස්ථාවේ එම මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 72 දෙනෙකු පමණ රැඳී සිට ඇති අතර, ඔවුන් අතර මානසික ආබාධ සහිත පුද්ගලයින්ද සිට තිබෙන බව සඳහන්.

ගින්න හේතුවෙන් පුද්ගලයින් රැසක් පිළිස්සීමට ලක්ව ඇති අතර, පුද්ගලයින් 10 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් තවත් එක් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් පොලීසිය සඳහන් කර තිබෙනවා.

ගිනිනිවීමේ භටයින් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ගින්න මැඩපැවැත්වීමට හැකිවුවද, මධ්‍යස්ථානයට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වනවා.

අද (04) පෙරවරුවේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුරු ඉවත් කිරීමට නියමිත අතර, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙනවා.

මෙම ඛේදජනක සිදුවීමෙන් ජීවිත අහිමි වූ සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

YouTube: https://www.youtube.com/@lankahitnews

Facebook: https://www.facebook.com/officiallankahitnews

⚫ TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial

✖️ Twitter/X: https://x.com/HitNewsLanka

Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:

WhatsApp: 072 746 4185

Email: [email protected]

නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *