උණුසුම් පුවත්දේශීය

තැපැල් සේවකයින් අදත් වර්ජනයේ…

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද (19) දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

ඉල්ලීම් 19ක් මුල්කරගෙන පෙරේදා සවස ආරම්භ කළ මෙම වැඩවර්ජනය ඉතා සාර්ථකව සිදුවන බවයි එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, අද දිනයේ සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට කටයතු කරන බවත් ඔහු ප්‍රකාශ කළා.

කෙසේවෙතත්, මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර  කියා සිටියේ තැපැල් සේවකයින්ගේ ඉල්ලීම්වලින් බහුතරයක් මේ වන විටත් ලබාදී ඇති බවයි.

වැඩවර්ජනය නතර කර සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳීමට තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන බවයි තැපැල්පතිවරයා පැවසුවේ.

 

Shares: