ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාව සාර්ථක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති අද (19) පස්වරුවේ සඳහන් කළා.
ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ගමගේ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තැපැල් වෘත්තීය සමිති මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවා.
තැපැල් හා විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඊ. ජී. සී. නිරෝෂන මහතා,
“ඇමතිතුමා එක්ක අපිට වහාම සාකච්ඡාවක් ලබාදෙන්න. ඒ සාකච්ඡාවෙන් අනතුරුව අපි ලෑස්තියි අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කරන්න. එතෙක් අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මකයි.”











