පෑලියගොඩ දී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මියගොස් තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
මෙම වෙඩි තැබීම අද(19) පෙරෙවරුවේ පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකර තිබුණා.
පොලිසිය ප්‍රකාශ කළේ, යතුරුපැදියකින් පැමිණ සිදුකළ මෙම වෙඩිතැබීමේ ඉලක්කය වී ඇත්තේ, පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණයේ කම්කරුවෙකු බවයි.










