ආරක්ෂක අංශ විසින් පසුගිය (19) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී පුද්ගලයන් 26,315 දෙනෙක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
එහිදී පරික්ෂාවට ලක් කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 10,500ක් වන අතර යතුරුපැදි සංඛ්‍යාව 7,810ක්.
දිවයිින පුරා සිදු කරන ලද වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 856 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 16 දෙනෙකුද වරෙන්තුකරුවන් 417 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 6,390 දෙනෙකු මෙහෙයුම සඳහා සම්බන්ධ වූ බව සඳහන්.
මෙහිදී ගණේමුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත කොස්හින්න, පරකන්දෙනිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය, ගිනි අවි හා උණ්ඩ සමග පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී රිපීටර් වර්ගයේ ගිනි අවි 01ක් හා එහි උණ්ඩ 08ක්ද ටී 56 මැගසින් 09ක්ද මිලි මීටර් 09 උණ්ඩ 05ක් ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 900ක්ද අත්අඩංගුවට ගත බවයි පොලිසිය පවසන්නේ පැවසුවේ.
අනතුරුව ඔවුන්ගෙන් ලද තොරතුරක් මත මීගමුව දලූපත ප්‍රදේශයේදී වැටලීමක් සිදු කොට ගිනි අවි හා උණ්ඩ සමග පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී විදෙස්රටක නිශ්පාදිත පිස්තෝල 01ක් හා එහි පතොරම් 06ක්ද යුද හමුදා නිල ඇදුමට සමාන නිල ඇදුම් 01ක්, ජංගම දුරකථන 06ක්, ටී 56 පතොරම් 183ක්, මිලිමීටර් 9 පතොරම් 280ක්, මත්පෙති 300ක්, අත්විලංගු 01ක්, වෙනත් පුද්ගලයන්ගේ විදෙස්ගමන් බලපත්‍ර 03ක්, තරාදි 02ක්, සීලර් යන්ත්‍ර 01 ක් ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 128 මිලි ග්‍රෑම් 100ක් ද අත්අඩංගුවට ගැනීම විශේෂයි.










