නව අයෝජන කලාප 7 ක් මේ වසරේදි පිහිටුවන බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.
උතුර පළාතේ ආයෝජන කලාප තුනක්, වයඹ, නැගෙනහිර හා දකුණ පළාත්වල එක් ආයෝජන කලාපය බැගින් ඒ අනුව පිහිටුවන බවයි එහි සභාපති අර්ජුන හේරත් මහතා සඳහන් කළේ.
මෙහිදී අක්කර 300 ක විශාලත්වයෙන් යුත් උතුර පළාතේ කන්කසන්තුරෙයි ආයෝජන කලාපයේ ඇගලුම් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට ද නියමිතයි.
එමෙන්ම අක්කර 200 ක විශාලත්වයෙන් යුත් පරන්තන් ආයෝජන කලාපයේ රසායානික නිෂ්පාදන කම්හල් පිහිටුවීමට නියමිත බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.
මාන්කුලම් ආයෝජන කලාපය අක්කර 200 ක විශාලත්වයෙන් යුක්ත වනවා.
කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන එකතු කළ අගය මත අපනයනය කිරීම සඳහා එහි පහසුකම් සැලසෙයි.
එසේම ඉරණවිල ආයෝජන කලාපයේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති පිහිටුවන බවයි අර්ජුන හේරත් මහතා පැවසුවේ.
මඩලකපුව එරාවුර් හි පිහිටුවන ආයෝජන කාලාපයේ ඇගලුම් නිෂ්පාදනට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටදී නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලා පිහිටුවනු ඇති අතර හම්බන්තොට ආයෝජන කලාපය ඖෂධ නිෂ්පාදන සමාගම් පිහිටුවීමට නියමිතයි.
මෙම නව ආයෝජන කලාප පිහිටුවීමත් සමඟ ප්‍රාදේශීය වශයෙන් ආයෝජන ගලා යාම වේගවත් වී ඒ ආශ්‍රිතව නව රැකියා අවස්ථා රැසක් බිහිවනු ඇති බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.











