දේශීය

පොලිස් සෝදිසි මෙහෙයුමෙන් ඊයේ 1687ක් අත්අඩංගුවට

පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව ‌ ඊයේ (21) 1687දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුද්ගලයන් 29296 දෙනකු පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

ඒ අතර සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගණන 875ක්.

ඊට අමතරව අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් 28දෙනකු සෘජුව හඳුනාගෙන ඇති අතර වරෙන්තුකරුවන් 424දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම සෝදිසි මෙහෙයුම තුළින් අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවන් ගණන 273ක් වන අතර බීමත් රියැදුරන් ගණන 87ක්.

එසේම අපරික්ෂාකාරී රිය පැදවීම් 27ක් සහ වෙනත් රථ වාහන වැරදි 4046ක්ද වාර්තා වී තිබෙනවා.

Shares: