උණුසුම් පුවත්දේශීය

ඩයනා ඇප මත මුදා හැරේ

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් මිලියන 10ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඇය සිය නීතිඥවරු මාර්ගයෙනුයි අද (25) අධිකරණයට ඉදිරිපත් වූයේ.

ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා නියෝග කළේ විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය රුපියල් මිලියන 10ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩු 07ක් ඉකුත්දා කැඳ වූ අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුවුණා.

Shares: