ඇල්ල මාරක අනතුරින් මියගිය සියළුදෙනාගේ අවසන් කටයුතු තංගල්ල නගර සභාවේ සහ තංගල්ල වෙළද සංගමයේ අනුග්‍රහයෙන් සිදුකිරීමට කටයුතු කරන බව තංගල්ල නගරාධිපති නන්දසිරි පරණ පල්ලියගුරුගේ මහතා පවසනවා.
මළ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු තවමත් බදුල්ල රෝහලේ සිදුකෙරෙමින් පවතින බවයි ඔහු කියා සිටියේ.
අද (05) රාත්‍රී දේහයන් ආදාළ නිවෙස්වලට භාරදෙනු ඇතැයි කියා අපේක්ෂා කරන බවද නගරාධිපතිවරයා ප්‍රකාශ කළා.
.
ඔහු පැවසුවේ අවමගුල් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අද රාත්‍රී විශේෂ සාකච්ඡාවක් මියගිය සාමාජිකයින්ගේ පවුල්වල පිරිස් සමඟ පැවැත්වීමට කටයුතු කරන බවයි.
මීට අමතරව මෙම අවමගුල් කටයුතු එක දිනයක පැවැත්වීම පිළිබඳවත්, ඵදිනට සියලුම දේහයන් පැය 2කට පමණ කාලයකට තංගල්ල නගර සභාවට ගෙන ඵ්මට අපේක්ෂා කරන බවත්, ඵ් පිළිබඳව ද මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග සාකච්ඡා කරන බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.










