දේශීය

මල්වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙකු මරුට..

 

ත්‍රිකුණාමලය, තඹගලගමුව ප්‍රදේශයේ කෝවිලක ඊයේ (06) රාත්‍රියේ පැවති වාර්ෂික උත්සවයක දී මල්වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ උත්සවයේ පෙරහැර පැවැත්වෙමින් තිබියදී මල්වෙඩි සංදර්ශනයක් පවත්වා ඇති අතර, එහිදී එක් මල්වෙඩිල්ලක් පත්තු වී නොමැති අතර, ඒ හේතුවෙන් අසල සිටි පුද්ගලයෙක් එම මල්වෙඩිල්ලට පාදයෙන් ගසා තිබෙනවා.

එය මෙම මියගිය පුද්ගලයාගේ ඇඟට විසි වී ඇති අතර, ඒ සමඟම එය පුපුරාගොස් තිබෙනවා.

එහිදී තුවාල ලැබූ ඔහු තඹලගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි සඳහන් වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 45ක් වූ තිදරු පියෙක්.

Shares: