ICC කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගිවන ශ්රී ලංකා සංචිතය අද (10) නම් කර තිබෙනවා.
තුන්ඉරියව් ක්රීඩිකා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා සංචිතයට ක්රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් අතර, එහි උපනායිකාව ලෙස අනුෂ්කා සංජීවනී නම්කර තිබෙනවා.
ශ්රී ලංකා සංචිතය
1) චමරි අතපත්තු (නායිකාව), 2) හසිනි පෙරේරා, 3) විශ්මි ගුණරත්න, 4) හර්ෂිත සමරවික්රම, 5) කවිෂා දිල්හාරි, 6) නිලක්ෂි ද සිල්වා, 7) අනුෂ්කා සංජීවනී (උපනායිකාව), 8) ඉමේෂා දුලානි, 9) දෙව්මි විහංඟා, 10) පියුමි වත්සලා, 11) ඉනෝකා රණවීර, 12) සුගන්දිකා කුමාරි, 13) උදේශිකා ප්රබෝධනී, 14) මල්කි මදාරා, 15) අචිනි කුලසූරිය
සංචාරක අතිරේක – ඉනෝෂි ප්රනාන්දු











