දේශීය

පළාත් පාලන සතිය අද සිට

පුනරුදයේ පුරවරයක් බිහිකිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන පළාත් පාලන සතිය අද සිට (15) ආරම්භ වනවා.

ඒ අනුව අද සිට එළැඹෙන 21 වනදා දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

එහිදී පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී.රුවන් සෙනරත් මහතා පැවසුවේ මෙම සතිය තුළින් ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන සහ ජීවත් වීමේ වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුරවරයක් බිහි කිරීම අරමුණ වන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා,

“පුනරුදයේ පුරවර කියන ප්‍රධාන තේමාව අරගෙන අපි පළාත් පාලන සතිය ආරම්භ කරනවා. විශේෂයෙන් ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත්වීමේ වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කරමින් අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුනරුදයේ පුරවරයක් බිහි කිරීම උදෙසා රාජ්‍ය පරිපාල සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙහෙයවන අඛණ්ඩ වැඩසටහනක් සඳහා අත්වැල් බැඳගන්නා ලෙස සියලු පළාත් පාලන ආයතන වෙත අපි හඳුන්වා දී තිබෙනවා.”

යනුවෙනුයි කියා සිටියේ.

Shares: