දේශීය

කජ්ජා ඝාතනය ගැන ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ළහිරු’ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අනුර විදානගමගේ නොහොත් ‘කජ්ජා’ හා දරුදෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ළහිරු’ දෙසැම්බර් 02 වන දින දක්වා රඳවා තබා ගැනීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

ඒ එම සැකකරුවන් දෙදෙනා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (17)ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාව රඳවාගෙන ප්‍රශ්න කරන බවයි බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය දා දැනුම් දී තිබුණේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බව කියන කෙහෙල්බද්දර පද්මේ, “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” ඇතුළු 05 දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබුවා.

ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ.

Shares: