දේශීය

කොළඹට හෙට ක්‍රියාත්මක ජල කප්පාදුව අවලංගු කෙරේ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) පැය 09ක කාලයක් ක්‍රියාත්මක වීමට තිබූ ජල සැපයුම අත්හිටුවීම අවලංගු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමිනුයි එම මණ්ඩලය මේ බව දැනුම් දෙන්නේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටු වීමට සිදුවන බැවින් මෙසේ අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් සැපයෙන ජලය හෙට පෙ.ව 10.00 සිට ප.ව 07.00 දක්වා කාලය තුළ අත්හිටුවන බවයි මිට පෙර එම මණ්ඩලය සඳහන් කර තිබුණේ.

ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවිම සිදු නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරනවා.

බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන,මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, මුල්ලේරියාව, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශ මෙම ජල කප්පාදුව සිදු නොවන ප්‍රදේශවලට අයත්.

Shares: