උණුසුම් පුවත්

පද්මේගේ යැයි සැක පිස්තෝලයක් හා උණ්ඩ තොගයක් සොයා ගැනේ

අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට අයත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ඇතුළු උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් පෑලියගොඩ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි.

පොලිසිය ප්‍රකාශ කළේ සිදු කළ මෙහෙයුමේදී එම ගිනි අවිය ඇතුළුව මැගසින් 4 ක් සහ ටී-56 වර්ගයේ උණ්ඩ 500 කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි.

Shares: