ඉන්දුනීසියාවේ ජාවා නුවර පිහිටි පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන්ම එහි සිටි සිසුන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් 38 දෙනෙකු සුන්බුන් අතර සිර වී සිටින බවයි.
එමෙන්ම තවත් 101 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.
ඔවුන්ගෙන් සමහරෙකුගේ තුවාල බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි අදාළ නිලධාරීන් පවසන්නේ.
පැය 12ක් තිස්සේ ඔවුන් සිරවී සිටින අතර හදිසි ආපදා කණ්ඩායම් සිසුන් ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරත බව එම වාර්තාවල දක්වනවා.
මෙලෙස අනතුරට පත් ව ඇත්තේ වයස අවුරුදු 12 ත් 17 ත් අතර වයස්වල පාසලේ සිටි සිසුන් බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
ගොඩනැගිල්ල කඩා වැටෙන විට යාඥා කිරීම සඳහා ඔවුන් බොහෝ දෙනෙක් රැස්ව සිට තිබෙනවා.
කඩා වැටි ඇති දෙමහල් ගොඩනැගිල්ලේ අස්ථායී අත්තිවාරමක් තිබී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.










