2025 වර්ෂයේ මේ දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල රිය අනතුරුවින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.
එමෙන්ම 2024 වර්ෂයේ පමණක් පුද්ගලයින් 19 ක් මියගොස් ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කේ.ඩබ්ලිව් කන්ඩම්බි මහතා පැවසුවේ.
මෙම අනතුරු බොහොමයකට හේතුව වී ඇත්තේ තාක්ෂණික ගැටළු, නොසැලකිලිමත් රිය ධාවනය හා රියදුන්ට නින්දයාමයි.
එසේම අධිවේගි මාර්ගවල රිය අනතුරුවලින් 2011 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 122 මියගොස් ඇති බවද එම අධිකාරිය සඳහන් කරනවා.










