අද (05) දින සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරනවා.
ඒ සමඟ ඇති විය හැකි තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
මේ අනූව දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන්.










