ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් (07) ආරම්භ වනවා.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ අද පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි.
එහිදී අද දිනයේ දි ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතවයි ඇත්තේ.
එමෙන්ම හෙට දිනයේ දි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ.
බ්‍රහස්පතින්දා දිනයේ දී විපක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත අතර සිකුරාදා දිනයේ දි පෞද්ගලික මන්ත්‍රී යෝජනා 8ක් විවාදයට ගැනීමට නියමිතයි.










