ලොව පුරා වයස අවුරුදු 13ත් 19ත් අතර යෞවනයන් මිලියන 15ක් ඊ-සිගරට් භාවිත කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එම සංවිධානය පවසන්නේ ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ප්‍රජාවට වඩා එය නව ගුණයක වැඩිවීමක් බවයි.
නිකොටින් සහිත ඊ-සිගරට් සඳහා ඇබ්බැහි වීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ තත්වය උද්ගත වී ඇත්තේ ගෝලීය දුම්කොළ භාවිතය අඛණ්ඩව පහත වැටීමත් සමගයි.
2000 වර්ෂයේ දී බිලියන 1.38 ක් වූ දුම්කොළ භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 2024 දී බිලියන 1.2 දක්වා පහත වැටී තිබෙනවා.
දැඩි රෙගුලාසි දුම්කොළ භාවිතය අඩු කිරීමට උපකාරී වන බැවින්, විකුණුම් පහත වැටීම් පියවා ගැනීම සඳහා කර්මාන්තය වාෂ්ප වැනි විකල්ප නිෂ්පාදන වෙත යොමු වී තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
නමුත් WHO සෞඛ්‍ය නිර්ණායක, ප්‍රවර්ධනය සහ වැළැක්වීම සඳහා වන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එටියන් කෘග් ප්‍රකාශ කළේ විද්‍යුත් සිගරට් “නව නිකොටින් ඇබ්බැහි වීමේ රැල්ලක්” ඇති කරමින් සිටින බවයි.











