මෙම වසරේ අවසන් කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය හෙට (14) ප්රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පවසනවා.
ඔහු ප්රකාශ කළේ මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා අවසන් කාර්තුව සඳහා සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිවීමක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර තිබුණු බවත්, ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම පළාත් නවයම ආවරණය වන පරිදි සිදු කෙරුණු බවයි.
එහිදී ඉදිරිපත් වූ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු සංශෝධනය සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් හෙට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය ප්රකාශයට පත්කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.










