මිද්දෙණිය සහ පානදුර ප්රදේශවල සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන්වලට ආධාර අනුබලදීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිද්දෙණිය – තෝරකොළයාය ප්රදේශයේ තිබී වෙඩි වැදී මිය ගිය තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගනු ලැබුවේ පසුගිය ජුනි මස 24 වැනිදා වන අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු වීරකැටිය – හුංගම, හක්මණ යන පොලිස් බල ප්රදේශවල සිදු වූ ගෙවල් බිදුම් සහ රන් භාණ්ඩ කොල්ලකෑම් සිද්ධීන්වලට ද සම්බන්ධ බවයි පොලිසිය පැවසුවේ.
පානදුර හිරණ ප්රදේශයේ පදිංචි අනෙක් සැකකරු, අගෝස්තු මස 21 වැනිදා බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසලදී විශ්රාමික බන්ධනාගාර නිලධාරියෙකු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනා.
එම සැකකරු හිරණ ප්රදේශයේම පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.
පොලිසිය ප්රකාශ කළේ ඔහු සන්තකයේ තිබී කඩුවක්, ජංගම දුරකතනයක් ඇතුලු උපකරණ කිහිපයක් ද සොයා ගත් බවයි.











