කාළගුණය

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ උතුර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව එම නිවේදනයේ සඳහන්.

එය ඉදිරි පැය 24 තුළ දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින අතර එහි බලපැම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Shares: