විදෙස්

මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටු 4කට අමෙරිකාවෙන් ප්‍රහාර – 14ක් ජීවිතක්ෂයට

පැසිෆික් සාගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි කියන බෝට්ටු හතරක් ඉලක්ක කර ගනිමින් ඇමරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

මෙක්සිකෝ නාවික හමුදාව පවසන්නේ පැසිෆික් වෙරළබඩ නගරයක් වන ඇකපුල්කෝ සිට සැතපුම් 400ක් (කිලෝමීටර් 643) පමණ දුරින් දිවි ගලවා ගත් තනි පුද්ගලයෙකු තවමත් සොයමින් සිටින බවයි.

පැසිෆික් සහ කැරිබියන් යන දෙඅංශයේම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බෝට්ටුවලට එල්ල වූ ප්‍රහාර මාලාවක නවතම සිදුවීම මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නැගෙනහිර පැසිෆික් කලාපයේ මෙම ප්‍රහාර මත්ද්‍රව්‍ය, එක්සත් ජනපදයට ඇතුළු වීම වැළැක්වීමේ ව්‍යාපාරයක් තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

Shares: