පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා අද (31) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
විපක්ෂයේ මන්ත්රීවරු කථානායක ජගත් වික්රමරත්න මහතාගෙන් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදු කර තිබුණා.
විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ, මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටළු විසඳීම සඳහා පොලිස්පතිවරයා සමග රැස්වීමක් සංවිධාන කරන ලෙස විපක්ෂය කථානායකවරයාගෙන් පසුගිය සඳුදා දිනයේ අදාළ ඉල්ලීම සිදු කළ බවයි.










