රිදීමාලියද්ද ඌරාකොටේ කන්ද ප්‍රදේශයේ අද (5) අලුයම නිදන් හෑරු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් දෙදෙනෙකු සේවය හැරගිය ආරක්ෂ අංශ සාමාජිකයන් බව සඳහන්.
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රිටිගහරාව ග්‍රාම නිලධාරි වසමේ මෙම පිරිස නිදන් හෑරීමේ නිරතව සිටි බවයි පොලිසිය පැවසුවේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම පිරිස අඩි 5ක් පමණ ගැඹුරට වලක් කපා එහි ඇති ජලය මෝටරයක් ආධාරයෙන් ඉවත්කරමින් සිට තිබෙනවා.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ එම ස්ථානයේ තිබී වතුර මෝටරයක් ඇතුළු කැණීම් සඳහා යොදාගත් උපකරණ තොගයක්ද සොයාගත් බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය, රිදීමාලියද්ද හා අරාව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 40, 43, 35 හා 27 යන වයස්වල පසුවන්නන්.










