පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තවත් මන්ත්‍රීවරයෙකු ඉලක්ක කරගනිමින් සිදුකරන නුසුදුසු ආමන්ත්රණ සහ දෝෂාරෝපණවලින් මින් ඉදිරියට වැළකී සිටිය යුතු බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (14) පාර්ලිමේන්තුවේදී දැඩිව අවධාරණය කළා.
ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේදී මන්ත්‍රීවරුන් වෙත නිවේදන ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.










