දේශීය

රුහුණු සරසවියේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 6ක් රෝහලේ

රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් පිරිසක් අද (14) බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා පැමිණි සිසුන් පිරිසක් ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙනුයි මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව ඇත්තේ.

මෙම අනතුරට මුහුණ දුන් සිසුන් පිරිසෙන් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා ඇතුළත් කර ඇත්තේ බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙතයි.

එම ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් රැසක් මෙම දිනවල නේවාසිකව නතර වී අදාළ වැඩමුළුවට සහභාගි වනවා.

බගවන්තලව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Shares: