දේශීය

ලබන 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතකින් බස්‍ ගාස්තු ගෙවීමේ හැකියාව

එළැඹෙන 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින්.

බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක්ව තිබූ බවත්, එයට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

එමෙන්ම ඔහු සඳහන් කළේ ඩිජිටල්කරණය හරහා තම රජය මේ වන විට යම් යම් ජයග්‍රහණ ලබා ඇති බවයි.

LankaPay හා GovPay හරහා මේ වන විට බිලියන ගණනින් මුදල් හුවමාරු වන බව ද විවාදයට එක්වෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවා.

Shares: