උණුසුම් පුවත්විදෙස්

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කර තිබෙනවා.

ඩකා හි පිහිටි විශේෂ ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් (ICT) විසින් හසීනාට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, පසුගිය වසරේ සිසුන්ගේ නායකත්වයෙන් පැවති කැරැල්ල මර්දනය කිරීමට නියෝග කිරීමේ චෝදනාවට මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වුණා.

ඇයට එල්ල වී තිබූ ප්‍රධාන චෝදනාව වූයේ, 2024 වසරේ ඇති වූ සිසුන්ගේ විරෝධතා මර්දනය කිරීමේ “ප්‍රධාන සැලසුම්කරු සහ ප්‍රධාන නිර්මාතෘ” ලෙස කටයුතු කිරීමයි.

බලයෙන් නෙරපීමෙන් පසු ඉන්දියාවට පලා ගොස් ඇති හසීනාට එරෙහිව නඩු විභාගය පවත්වා ඇත්තේ ඇය නොමැතිවයි.

රජයේ රැකියා සඳහා වූ මතභේදාත්මක කෝටා ක්‍රමයක් හේතුවෙන් ආරම්භ වූ මෙම මහජන පෙලපාලි මර්දනයේදී පුද්ගලයන් 1,400 ක් පමණ මිය ගිය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් ඇස්තමේන්තු කරන අතර මෙම සිසු කැරැල්ල හේතුවෙන් හසීනාගේ වසර 15ක පාලනය අවසන් වුණා.

 
Shares: