දේශීය

සූදු නියාමන අධිකාරී පනත දෙසැම්බර් 01 සිට ක්‍රියාත්මකයි

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස පළමුවන දින සිට ක්‍රියාක්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව 2015 අංක 17 දරණ සූදූ ක්‍රිඩා නියාමන අධිකාරී පනත දෙසැම්බර් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වු අතර එය පසුගිය සැප්තැම්බර් මස 3 වන දින කථානායකවරයා සහතික කිරීමත් සමඟ පනතක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

මෙම නව පනත මඟින් සිදුවන්නේ ලොතරැයි සහ සමාජ සූදු ක්‍රිඩා හැර අනෙකුත් සියලුම වර්ගවල සූදු ක්‍රිඩා ක්‍රියාකාරකම් නියාමනය කිරීම සහ පාලනය කිරීමයි.

Shares: