අද (19) යුක්රේනයේ බටහිර ටර්නොපිල් නගරයේ තට්ටු නිවාස දෙකකට එල්ල කළ රුසියානු ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාරය මගින් ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
එලෙසම Lviv සහ Ivano යන බටහිර කලාප දෙකට සහ උතුරු නගරයේ කාර්කිව් හි දිස්ත්‍රික්ක තුනක් ඉලක්ක කරගත් ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි සහ මෝටර් රථ විශාල ප්‍රමාණයක් ගිනිගෙන ඇති බව සඳහන්.
මේ හේතුවෙන් රට පුරා කලාප ගණනාවකට විදුලිය විසන්ධි වීම සිදුව ඇති බව යුක්රේනයේ බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.
යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාව ඩ්‍රෝන යානා 470 කට වැඩි ප්‍රමාණයක් සහ මිසයිල 47 ක් එල්ල කර ඇති බවයි.










