කාළගුණය

හැඩ ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජනතාවට දැනුම්දීමක්

හැඩ ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට අද (26) ප.ව. 3.30ට සිට පැය 48ක් දක්වා වූ කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පපවසනවා.

මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට ඊයේ (26) රාත්‍රියේ සිට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙනවා.

මෙම වර්ෂාතනය හේතුවෙන් මේ වනවිට හැඩඔය ද්‍රෝණියේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් හැඩඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව මේ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

Shares: