දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට පැමිණ තිබෙනවා.
එම නෞකාව මේ වන විට ත්‍රිකුණාමලයෙන් දිවයිනට ඇතුළු වූ බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.
එලෙස දිවයිනට පැමිණ ඇත්තේ, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාවයි.











