උණුසුම් පුවත්

IDH යටවෙන බවට පැතිර යන කටකතා අසත්‍යයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යටවෙමින් පවතින බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යටවෙමින් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සාවාද්‍ය ප්‍රකාශ පළ කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

කෙසේවෙතත් එම රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එමෙන්ම එම රෝහල් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් පැවතිය ද රෝහලේ සේවා කටයුතුවලට බාධාවක් නොවන බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් ජනතාව තුළ අනියත බියක් ඇති නොකරන ලෙසයි.

Shares: