එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපදා ආධාර රැගත් තවත් ගුවන් යානා 02ක් අද (3) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.
එරට ගුවන් හමුදාවට අයත් විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් වන C-17 වර්ගයේ යානා අබුඩාබි නුවර සිටයි මෙරටට ළඟා වූයේ.
ආපදා සහන මෙහෙයුම් සඳහා යොදාගන්නා වාහන සහ ආහාර මෙම භාණ්ඩ තොගය අතරට ඇතුළත්.;
මෙම ආධාර තොගය භාරගැනීම සඳහා මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.











