දේශීය

ආපදා තත්ත්වයෙන් ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට – UNICEF

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

සුළි කුණාටුවෙන් දරුවන්ට සිදුව ඇති හානිය පිළිබඳ දැඩි කනස්සල්ල පළ කරන බවයි එම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය පෙන්වා දෙන්නේ.

එමෙන්ම යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකා රජය සමග එක්ව ළමුන්ට අවශ්‍ය හදිසි උපකාර සේවා සහ ජීවිතාරක්ෂක සේවා සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද සඳහන්.

යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැඩිලෙස පීඩාවට පත් දිස්ත්‍රික්කවල සිටින දරුවන් වෙනුවෙන් හදිසි අධ්‍යාපන කට්ටල ලබා දීමට ද බලාපොරොත්තු වන බවයි.

Shares: